ශ්‍රී සාරානන්ද හිමිපාණෝ 1949 මැයි මස 20 වෙනි දින විහාරස් ධර්ම ශාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3 දෙනෙකුගෙන් යුතු පාසලක් ආරම්භ කළ සේක.එක් ගුරු මහතෙකු පමණක් උන්වහන්සේ විසින් තෝරා පත් කළ අතර සෑම ගැමියෙකුගෙන්ම මාස් පතා එකතු කල ශත ගණනක එකතුවක් හා ජීවත්වීම සඳහා එකතුකර දුන් හාල් පොල් ප්‍රමාණයකුත් වැටුප් වශයෙන් ගෙවී ය.
අභිනවයෙන් ආරම්භ කල බෞද්ධ පාසල පියවරෙන් පියවර දියුණු වන ලකුණු පෙනුණි.ඒ නිසා ප්‍රදේශවාසි ජනතාවගේ උනන්දුව හීන නොවී ය.මේ අනුව 1950 ජුනි 03 වන දින විහාරස්ථානය අසල ගම්වාසින් පරිත්‍යාග කල අක්කර භාගයක භුමි භාගයක ගැමියන් විසින් තැනු පාසල් ගොඩනැගිල්ලට පාසල ගෙන යන ලදී.ඒ වර්තමාන පාසල පිහිටි ස්ථානයයි.






