|
1949 - 1950 |
ජී.බණ්ඩා මහත්මා |
|
වර්ෂ 1949.මැයි මස 20 වෙනි දින ශ්‍රී සාරානන්ද හිමිපාණෝ විහාරස්ථාන දහම් ශාලාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3 ගෙන් යුත් පාසලක් ආරම්භ කල සේක. උන්වහන්සේ ගේ මගපෙන්වීම අනුශාසනා මැද පාසලේ මුල් යුගයේ පාසලේ දියුණුව වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කටයුතු සිදු කිරීම හා රජයේ පාසලක් බවට පත් කිරීම මෙම කාල වකවානුවේ සිදුවිය. |
|
1950 - 1955 |
ජී.පී.ඩි.බණ්ඩාර මහත්මා |
|
පාසල රජයට පවරා ගත් පසු මුල්ගුරුවරයෙකු වශයෙන් පැමිණි මෙතුමා පාසලේ උන්නතියට මහත් කැප කිරීමක් කරමින් පාසලේ ශීඝ්‍ර දියුණුව උදෙසා කැප විය. |
|
1956 - 1957 |
එච්.බී.එම්.එස්.කුමාරිහාමි මහත්මිය. |
|
පාසලේ ස්ථිර මුල් ගුරුවරයෙකු නොසිටි අතර උපගුරු කුමාරිහාමි මහත්මිය වැඩ බලන මුල් ගුරුවරයෙකු වශයෙන් සේවය කල අතර පාසලේ දියුණුව වෙනුවෙන් මහත් කැපවීමෙන් වැඩ කටයුතු සිදු කිරීම. |
|
1956 - 1959 |
එන්.ජි බණ්ඩා මහත්මා |
|
උප ගුරු කුමාරිහාමි මහත්මියගෙන් පසු ස්ථිර විදුහල්පතිවරයෙකු වශයෙන් එන.ජි .බණ්ඩා මහතා පත්ව, කලින් සිටි විදුහල්පතිගේ ක්‍රියාපටිපාටිය තවදුරටත් වැඩිදියුණු කල අතර පාසලට තවත් ඉඩම් කොටසක් ලබා ගැනීමට ගුරුදෙගුරුන් සමග කටයුතු කල අතර පාසලේ දියුණුවට මහත් කැපකිරීමක් සිදු කළේය. |
|
1959 - 1964 |
එම්.එම්.පොඩිඅප්පු හාමි මහත්මා |
|
මෙම කෙටි කාල පරාසය තුල විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුම සේවය කර ඇති බව ඉතිහාස තොරතුරු සාක්‍ෂි සපයයි.අනෙකුත් විදුහල්පතිවරුන් වනුයේ .... ටී.බී.එදිරිසිංහ මහත්මා. එච්.එච්.පොඩිඅප්පු හාමි මහත්මා සී.එස්.ගමගේ මහත්මා. එච්.බී.හේරත් බණ්ඩා මහත්මා. බී.ආර්.දේවගුරු මහත්මා. |
|
1965 - 1969 |
ඩබ්.ඒ.එල්.ජිනදාස මහත්මා. |
|
වර්ෂ 1965.01.01 දින මෙහි විදුහල්පති වශයෙන් පත් වී පැමිණි මෙතුමා තමන්ගේ සේවා කාලය තුළ පාසලේ අධ්‍යාපන ප්‍රගතියට මහත් කැප කිරීමක් සිදු කළේය.1965 සිට 1968 අවසාන භාගය තෙක් ඩබ්.ඒ.එල්. ජිනදාස මයා සහ ඒ.ඩි.සී.එස්.සත්‍යා නන්ද මයා වර්ෂ තුල පාසලේ මහත් සංවර්ධනයට කැප විය. |
|
1969-1988 |
එච්.ඇස්.පෙරේරා මහත්මා |
|
මෙම නව විදුහල්පතිවරයා කෙරෙහි ප්‍රදේශවාසීන් තුල මහත් විශ්වාසයක් හා බලාපොරොත්තු තබා ඔහුට සහයෝගය දක්වමින් වර්ෂ 17 කට අධික කාලයක් සේවය කරමින් ගුරු දෙගුරුන්ගේ සහයෝගයෙන් මෙම පාසලේ සංවර්ධනය මහත් කැපකිරීමක් සිදු කල අතර පාසලේ අධ්‍යාපන උන්නතියට මහත් සේ කැප විය.1988 දක්වා කාලයේදී, ආර්.එම්.කේ.සරත්චන්ද්‍ර,ඊ.එම්.විජේබණ්ඩාර,එම්.කේ.කුසුමාවතී යන ආචාර්ය මහත්මීන්ගේ සහයෝගිත්වය ඇතුව පාසලේ සංවර්ධනයට මහත් සේ දායක විය. |
|
1988 -1994 |
පී.වීරක්කොඩි මහත්මිය |
|
1988 න් පසුව පැමිණි පී.වීරක්කොඩි මිය පාසලේ ගොඩනැගිලි ඉදිකිරීමට ඉදිරිපත් වෙමින් 1994.04.02 දින ඉතා අලංකාර ලෙස නිමවන ලද දෙමහල් ගොඩනැගිල්ල එවක ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු .රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් අති උත්කර්ෂවත් අන්දමින් පාසල් දරුවන් සදහා පවරා දෙන ලදී . |
|
1994 - 1997 |
බී.එම්. එස්.යූ.බී.බැන්නහැක මහත්මා |
|
1994 දී බැන්නහැක මහත්මා විදුහල්පතිවරයෙකු ලෙස පැමිණ පාසලට අවශ්‍ය සම්පත් ලබා ගැනීමට මහත් ලෙස කැප විය.බාලාංශ පන්ති කාමර සකස් කිරීම,ජල ටැංකිය ඉදි කිරීම වැනි කටයුතු රැසක් පාසල වෙනුවෙන් ඉටු කල අතර පාසලේ සංවර්ධනයට මහත් සේ දායක විය. |
|
1997 |
ආර්.එම්.කේ.සරත්චන්ද්‍ර මහත්මා |
|
බැන්නහැක මහත්මාගෙන් පසුව පාසලට විදුහලපතිවරයෙකු ලෙස පැමිණි ආර්.එම්.කේ.සරත්චන්ද්‍ර මහතා රාත්‍රී තරු රටා නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. |
|
1997-1998 |
දයානන්ද ජයසිංහ මහත්මා |
|
සරත්චන්ද්‍ර මහතාගෙන් පසුව විදුහල්පතිවරයෙකු ලෙස පැමිණි මෙතුමා පුස්තකාල පොත් ප්‍රධානෝත්සවයක් සංවිධානය කිරීම,නිර්මාණ ප්‍රදර්ශන පැවැත්වීම වැනි කාර්යයන් රැසක් සිදු කළේය.මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කිරීමෙන් පසුව ප්‍රථම වතාවට උසස්පෙල විභාගයට දරුවන් 10 දෙනෙක් ඉදිරිපත් කල අතර එයින් 9 ක් සමත් වීම සහ මෙම වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 6 ක් සමත් වුයේ මෙම විදුහල්පති සිටි අවධියේය. |
|
1998 - 2013 |
ඩි.එම්.සරත් දිසානායක මහත්මා |
|
දයාසිංහ මහත්මාගෙන් පසුව පැමිණි සරත් දිසානායක මහතා පාසලට සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් අත් කර දීමට වෙහෙසුණු විදුහල්පතිවරයෙකි.ක්‍රීඩා උත්සව පැවැත්වීම,ක්‍රීඩා තරග වලට දරුවන් ඉදිරිපත් කිරීම වැනි කාර්යයන් රැසක් ඉටු කිරීමට මහත් සේ කැප විය.ඔහු අවුරුදු 15 ක් පුරාවට සේවය කරමින් පාසලට නර්තන අංශයේ ජයග්‍රහණ රැසක් මෙන්ම ක්‍රීඩා අංශයේද ජයග්‍රහනද අත් කර දීමට මහත් ලෙස කැප විය. |
|
2013-2018 |
ආර්.එම්.විජේරත්න මයා |
|
සරත් දිසානායක මහත්මාගෙන් පසුව පාසලට පැමිණි ආර්.එම්.විජේරත්න මහතා 2013 සිට 2018 වර්ෂය තෙක් පාසලට මහත් සේවයක් ඉටු කල අතර මොහුගේ අවධියේද විවිධ අංශවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කැප විය. මෙතුමා සිටි අවධියේ පාසලට තෙමහල් සහ දෙමහල් ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු සුදානම් කළ අතර පාසලේ අධ්‍යාපනික සංවර්ධනය මෙන්ම පාසලේ උන්නතියට මහත් කැප විය. |
|
2018 න් පසු |
පී.පී.ඩි.චිත්‍රලතා පෙරමුණ |
|
පූගලු ඉතිහාසයේ රන් අකුරෙන් නම සනිටුහන් කරන්නට චිත්‍රලතා විදුහල්පති තුමියගේ සමය තුල හැකියාව ලැබුනේ ඇගේ කැපවීම තුලින් ලබාගත් ජයග්‍රහණ රැසක් හේතුවෙනි. මහල් තුනකින් යුතු නවීන පන්නයේ අධ්‍යාපන පහසුකම් සහිත ගොඩනැගිල්ල මෙන්ම තාක්ෂණික විද්‍යාගාරය සහිත ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්වන්නේ වත්මන් විදුහල්පති තුමියගේ සමය තුලයි. දැනුම් පුපුරා යන සමාජයක ගෝලීය තාක්ෂණය පාසල් දරුවන්ට හිමිකර දෙමින් සුහුරු පන්ති කාමර සහිත අධ්‍යාපන තෝතැන්නක් පූගලු පුණ්‍ය භුමිය තුල ස්ථාපිත කරන්නට කටයුතු කළේද චිත්‍රලතා නම් වත්මන් විදුහල්පති තුමිය බව ද කිව යුතුයි. |






