කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය

ශිෂ්‍ය නායක බැච් පැළදවීම

2024 බක් මහා උළෙල

පරිසර නියමු නිළ ලාංචන පැළදවීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

P.P.D.චිත්‍රලතා පෙරමුණ

      කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ කුලියාපිටිය බටහිර කොට්ඨාසයේ අර්ධ නාගරිකව පිහිටා ඇති කුලි/කිතලව පූගල්ල මහා විද්‍යාලය නෙක පලතුරු හා මල් උයන් , තුරුගොමුවලින් ගහන සුන්දර විදු පියසකි. සිසුන් දහසකට අධික 1-13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන කලා/වාණිජ විෂයන් සහිත 1-C විද්‍යාලයක් වන මෙම විදුහල අතීතයේ සිට විෂය සමගාමී ක්‍රීඩා ,නර්තන ,සිංහල භාෂා අංශයන්ගෙන් ජාතික තලය ජයගත් අතර වර්තමානය තුළ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස වැජඹේ.                                                                                                                                                     

      21 වන සියවසේ අභියෝග ජයගැනීමට හැකි පුරවැසියන් බිහි කරලීමේ අරමුණින් අන්තර්ජාල පහසුකම්, සුහුරු පන්තිකාමර, ටැබ් පරිගණක ආදී නව තාක්ෂණික පහසුකම් ළඟා කරගනිමින් දියුණු තත්වයකට පත්ව ඇත.

         එමෙන්ම විද්‍යාලය බාහිර ප්‍රජාව සමග තොරතුරු සන්නිවේදනය කර ගැනීම ,අදහස් හුවමාරුව ඉතා වටිනා කාර්යයකි. විද්‍යාලයට වසර 75 ක් පිරෙන මේ මොහෙතේ වෙබ් අඩවියක් නිර්මාණය වී තිබීම පාසැල ලැබූ වර්තමාන ජයග්‍රහණයකි. ඵලදායි ලෙස වෙබ් අඩවිය යොදා ගැනීම තුලින් පාසලේ 21 වන සියවසට ගැළපෙන තෝතැන්නක් ලෙස නිර්මාණයට මහගු රුකුලකි. විද්‍යාලයේ උන්නතියට, සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන විවිධ පාර්ශවයන්ට වෙබ් අඩවිය හරහා අප විද්‍යාලය සමග සම්බන්ධ වන ලෙස ආරාධනා කර සිටිමි. මෙම කාර්යය සාර්ථක කරගැනිමට උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි.මෙම විද්‍යාලය දිනෙන් දින නැණ ගුණ බලයෙන් සපිරි දරුපිරිසක් නිර්මාණය කිරීමට අප විද්‍යාලයට හැකිවේවා යැයි ප්‍රර්ථනා කරමි. 

 

  

P.P.D.චිත්‍රලතා පෙරමුණ
විදුහල්පතිනි
කුලි/කිතලව පූගල්ල මහා විද්‍යාලය .