නියෝජ්‍ය විදුහල්පතිනි පණිවිඩය
එස්.කේ.සී.තුෂාරිකා මිය.
වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් 1C වර්ගයට අයත් පාසලක් වන කුලි/කිතලව පුගල්ල මහා විද්‍යාලය නැණ ගුණ සපිරි දරුවන් බිහි කරන දීප්තිමත් පාසලකි.එදා විහාරස්ථානයේ ගොඩනැගිල්ලක ආරම්භ වූ පුංචි පාසල අද වන විට ප්‍රදේශයේ දරුවන් රැසකට අධ්‍යාපන වරම් හිමි කර දී ඇති අධ්‍යාපන මධ්‍යස්ථානයකි.මෙම පාසල තුළින් බිහි වූ උගතුන්, බුද්ධිමතුන් අද වන විට පාසලට නිහතමානී ආඩම්බරයක් එක් කර ඇත්තේ පාසලේ අනාගත උන්නතියට ද තම ශක්තිය එක් කරමිනි.වත්මන් දරු පිරිස ද කලාප, පළාත්,මෙන්ම ජාතික මට්ටමේ තරග සදහා සම්බන්ධ වෙමින් පාසල් නාමයට කීර්තියක් අත් කර දීම සතුටකි.එවන් පාසලක හෙට දවස වෙනුවෙන් කටයුතු කිරීමට සිදු වීම ද සතුටකි.
අනාගත දරු පරම්පරාව තව දුරටත් ශක්තිමත් කිරිමෙදී පාසල් අතර අන්‍යෝන්‍ය අදහස් හා තොරතුරු හුවමාරුව අතිශය වැදගත්ය.ඒ අනුව මෙම වෙබ් අඩවි නිර්මාණයද ඵලදායී ලෙස යොදාගැනීමට හැකි වනු ඇතැයි සිතමි.අප විද්‍යාලය සමඟ සම්බන්ධ වීමට කැමති සියලු පාර්ශවයන් සඳහා මෙමගින් දැනුවත් වි අපේ උපකාරය ඔබටත් ඔබගේ උපකාරය අපටත් ලබා දෙමින් යහපත් දරු පරපුරක් නිර්මාණයට දායක වන ලෙස ඉල්ලා සිටිමි.
මෙවන් උතුම් අරමුණකින් මෙම කාර්යය සාර්ථක කර ගැනීමට කටයුතු කල සියලු දෙනාට හද පිරි ස්තුතිය පිරිනමන අතර නැණ ගුණ පිරි අනාගත දරු පරපුරක් බිහි වේවා යි ප්‍රාර්ථනා කරමි.
එස්.කේ.සී.තුෂාරිකා මිය.
නියෝජ්‍ය විදුහල්පතිනි.
කුලි/කිතලව පූගල්ල මහා විද්‍යාලය .






