2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අතිසාර්ථක අයුරින් පැවැත්වූ අතර මේ සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු අධ්‍යාපන සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ධම්මික කොඩිතුවක්කු මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය.
අලංකාරවත් සරඹ සංදර්ශනයකින් හා උද්වේගකාරී තරඟවලින් සමන්විත විය මෙවර ක්‍රීඩා උත්සවයෙන් දිනිදු නිවාසය ජයගත් අතර දෙවන ස්ථානය හරිත නිවාසය විසින් හිමිකර ගන්නා ලදී
මේ සදහා සැකසු නිවාස අතරින් හොදම නිවාසය හරිත නිවාසය වූ අතර නිවාස අතරින් දෙවන ස්ථානය උදක නිවාසය විසින් හිමි කරගන්නා ලදී මේ සදහා නිවාස තුනක් තරග කර අතර
එම නිවාස උදක,දිනිදු ,හරිත යන නම් වලින් හදුන්වන ලදී







